අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
Poh Fang Chia

පා ෆංග් චියා

පා ෆංග් චියා කිසිදාක භාෂාව සම්බන්ධ වෘතියකයෙකු වීමට සිහින නොදැක්කේ ඇයගේ මූලික ආශාව රසායන විද්‍යාව වූ බැවිනි. ඇයගේ හැරවුම් ලක්ෂය වන්නේ වයස 15දී යේසුස්වහන්සේව මුණගැසීමත්, ජීවිත ස්පර්ශ කළ හැකි පොත් නිර්මාණය කිරීමට ඇයගේ ඇති කැමැත්ත උන්වහන්සේට ප‍්‍රකාශ කිරීමත් සමඟය. ඇය සංස්කාරකවරියක ලෙස අපගේ දිනපතා භෝජනය සේවයේ සිංගප්පූරු කාර්යයාලයේ සේවය කරන අතර චීන භාෂා සංස්කරණ සමාලෝචන කමිටුවේ සාමාජිකාවකද වේ. පා ෆංග් පවසන්නේ: "දේව වචනය ගවේශනය කරමින්, නැවුම් දෘෂ්ටි කෝණයකින් දැකිය හැකි පාඨයන් සෙවීමෙනුත්, මාගේ මනස තුළ දැවෙන්නාවූ ගැටළු වලට පිළිතුරු සපයාගැනීමෙන් හා මා මුහුණ දෙන ජීවිත ගැටළු වලට අදාල කරගැනීමෙන් මම සැබවින්ම සතුටු වෙමි. මාගේ යාච්ඤාව වන්නේ බයිබලය වර්තමානයේද ජීවමාන බව පාඨකයා දැක ජීවිත වෙනස් කරවන එම වචනයේ බලයට ප‍්‍රතිචාර දැකිවීමට ඔවුනට හැකි වන ආකාරයට ලිවීමට හැකිවන පිණිසයි.”

පා ෆංග් චියා විසින් රචිත ලිපි

දෙවියන්වහන්සේගේ සැපයීම

අපි චීනයේ යූනාන් පළාතෙන් වෙන්ව වනාන්තරයේ තව තවත් ඇතුළට ගමන් කළෙමු. පැයකට පමණ පසු කන් බිහිරි වන තරම් ජල ඝෝෂාවක් අපට ඇසුණි. අපි ගමන් වේගය වැඩි කරමින් ඉක්මණින්ම එළිපෙහෙළි කරන ලද ස්ථානයකට ළඟා වීමු. අළු පැහැති ගල් අතරින් කඩා හැළෙන සුදු පැහැති මනහර ජල තිරයක් අපව පිළිගත්තේය. ඉතාමත්ම දර්ශනීයයි!

පැයකට පෙර අප හැර ආ ගමේ ජීවත්වූ අපගේ කඳු නැගීමේ සගයන්…

කවුද දන්නෙ?

චීන පුරාවෘත්තියට අනුව, සායි වෙන්ග්ට ඔහුගේ වටිනා අශ්වයකු අහිමි වූ විට, ඔහුගේ අසල්වැසියා ඔහුගේ අහිමිවීම ගැන ශෝකය ප්‍රකාශ කළේය. නමුත් සායි වෙන්ග් ඒ ගැන සැළකුවේ නැත. ඔහු පැවසුවේ, “එය මට හොඳ දෙයක් විය හැකි දැයි කවුද දන්නෙ?” පුදුමයට කරුණක් නම් නැතිවූ අශ්වයා වෙනත් අශ්වයකු සමඟ ආපසු නිවසට පැමිණීමයි. අසල්වැසිය ඔහුට සුභපැතූ විට, සායි වෙන්ග්, “ එය මට නරක දෙයක් විය…

ලැබී ඇති මොහොත අගය කරන්න

සූ ෂී යන නමින්ද හඳුන්වනු ලබන සූ ඩොංපෝ චීනයේ සිටි ශ්‍රේෂ්ඨතම කවියෙක් හා ලේඛකයෙක්ය. ඔහු විප්‍රවාසයේ සිටින දිනක පූර්ණ චන්ද්‍රයා දෙස බලා ඔහුට තම සහෝදරයා නැති පාළුව කෙතරම් දැනෙන්නේදැයි කියා මෙසේ ලිවීය. “අපි සතුටුවෙමු. දුක් වෙමු. එකතු වෙමු. වෙන්වෙමු. සඳ එක් දිනක විශාල වේ. අනික් දින සංකෝචණය වේ. එදා සිටම කිසිම දෙයක් සම්පූර්ණ නැත”. ඔහු තවදුරටත් ලියන්නේ “අපගේ ප්‍රියයන් දිගුකල්…

ගැළවීමේ අවශ්‍යතාවය

ඇල්ඩි නමැති යෞවනයෙක් ඉන්දුනිසියාවේ සුලාවේසි දුපතේ සිට කිලෝමීටර් 125 ක් (සැතපුම් 78 ක් පමණ) එහායින් මසුන් අල්ලන කූඩාරමක තනියෙන් සිටියේය. කූඩාරම කුණාටුවකට හසුවී මුහුදට ගසා ගෙන ගියේය. දින හතලිස් නවයක් ඔහු කූඩාරම සමග මුහුදේ පාවෙමින් සිටියේය. නැවක් දුටු සැම විටම ඔහු තම ලාම්පුව පත්තු කර නැවියන්ගේ අවධානය ගැනීමට උත්සාහ කළේය. ඒ සෑම විටම ඔහු අසාර්ථක විය. ඔහුව මුදා ගැනීමට පෙර…

අවිශ්වාසය සහ ඇදහිල්ල

මිංටෙක් තදබල හිසේ රුදාවකින් ඇහැරුනේ මෙය තවත් ඉරුවාරදයක් කියා සිතමින්ය. නමුත් ඔහු ඇඳෙන් බැස්ස විගසම බිමට ඇදගෙන වැටුනි. ඔහු රෝහලට ඇතුල් කළ විට වෛද්‍යවරුන් කීවේ එසේ වූයේ ආඝාතය නිසාය කියායි. මාස 4ක පුනරුත්ථාපනයෙන් පසු ඔහුට කල්පනා කිරීමේ සහ කථා කිරීමේ හැකියාව නැවත ලැබුන නමුත් තවමත් ඇවිදින්නේ අපහසුතාවක් සහ වේදනාවක් ඇතිව මදක් කොර ගසමිනි. ඔහු බොහෝවිට බලාපොරොත්තු සුන්වී කල් ගෙවන නමුත්…

දෙවියන්වහන්සේ කෙරෙහි පිපාසිතයි

යේසුස්වහන්සේ තුළ අලුත් ඇදහිලිවතෙකුට බයිබලය කියවීමට දැඩි පිපාසයක් ඇති විය. කෙසේ වෙතත් ඔහුගේ දැස් සහ දෙඅත් පිපිරීමකින් නැතිවී තිබුණි. බ්‍රේල් ක්‍රමයට ඇගේ තොල්වලින් බයිලය කියවූ ස්ත්‍රියක් ගැන ඔහුට අසන්නට ලැබුණි. ඔහුද එසේ කිරීමටත් උත්සාහ කළේය. තම තොල්වල නහර පද්ධතිය පවා විනාශ වී ඇති බව ඔහු දැන ගත්තේ එවිටය. නමුත් පසුව ඔහු බ්‍රේල් අකුරු තම දිවෙන් ස්පර්ශ කර කියෙව්වේය. බයිබලය කියවා…

පිදුරු මඩු යාච්ඤා

සැමුවෙල් මිල්ස් සහ ඔහුගේ මිතුරන් සතර දෙනෙක් බොහෝ විට යාච්ඤාවට එකතු වී යේසුස්වහන්සේගේ ශුභාරංචිය බෙදා ගැනීම පිණිස තව සෙනග එවන්න කියා යාච්ඤා කළහ. 1806 එක් දිනකදී ඔව්හු තම යාච්ඤා රැස්වීම අවසන් වී ආපසු එද්දී විදුලි කෙටීම් සහිත තද කුණාටුවකට අසුවූ බැවින් එයින් බේරීමට ඔවුහු පිදුරු මඩුවකට රිංගා ගත්හ. ඒහෙයින් ඔවුන්ගේ සති මැද යාච්ඤා වලට පිදුරු මඩු යාච්ඤා කියා නම් කෙරුණි.…

නොපෙනෙන සත්‍යයන්

ඩිස්කවරි සඟරාවේ සංස්කාරවරයෙකු වන ස්ටීවන් කාස් ඔහුගේ දෛනික ජීවිතයේ සමහර නොපෙනෙන දේවල් සොයා බැලීමට අධිෂ්ඨාන කර ගත්තේය. දිනක් නිව්යෝර්ක් නගරයෙහි ඔහුගේ කාර්යාලය වෙත ගමන් කරන අවස්ථාවක් ඔහු කල්පනා කළේ එම්පයර් රාජ්‍ය ගොඩනැගිල්ලේ ඉහළ ඇති ගුවන් විදුලි තරංග (එහි බොහෝ ගුවන් විදුලි සහ රූපවාහිනි ඇන්ටනා තිබේ) වර්ණවත් ආලෝකවලින් සැරසීමට හැකි නම් ඒවා මුළු නගරයම ආලෝකමත් කරනු ඇත කියාය. තමන් ගුවන් විදුලි…

කුඩාය නමුත් වැදගත්ය

එදිනද වෙන දිනයන් මෙන් ආරම්භ විය. නමුත් එය අවසන් වූයේ විශාල ඛේදවාචකයකිනි. එස්තර්ව (එය ඇයගේ නියම නම නොවේ) සහ තවත් ස්ත්‍රීන් සිය ගණනක්ව ආගමික ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් ඔවුන්ගේ නේවාසිකාගාරයෙන් පැහැර ගන්නා ලදී. මාසයකට පසු එස්තර් හැර අනිත් සියලු දෙනා නිදහස් වුනි. ඊට හේතුව ඇය ක්‍රිස්තුස්වහන්සේ අත් හැරීම ප්‍රතික්‍ෂේප කිරීම නිසාය. තම ඇදහිල්ල නිසා පීඩාවට පත්වූ ඇය සහ අනෙක් අය ගැන…

වෙනස හැකි දෙයකි

එක් සෙනසුරාදා සවසක පිලිප්පි 2:3-4 න් දැඩි ප‍්‍රශ්න එකිනෙකාගෙන් අසන පිණිස එක් තරුණ කණ්ඩායමක සාමාජිකයන් රැස්වුහ. "පක්ෂවාදිකමෙන්වත් නිෂ්ඵල පාරට්ටුකාරකමෙන්වත් කිසි දෙයක් නොකොට, එකිනෙකා තම තමාට වඩා වෙන කෙනෙක් උතුමැයි යටහත්කමින් සිතාවා. නුඹලා එක් එක්කෙනා තම තමාගේම කාරණා නොව අනුන්ගේ කාරණත් බලන්න". සමහර අසීරු ප‍්‍රශ්න නම් අන් අයගේ කාරණා ගැන ඔබ සිහිකරන්නේ කෙතරම් කාලයකට වරක්ද? කෙනෙක් ඔබව යටහත් හෝ අහංකාර යයි කියනවාද?…